Monday, 2 November 2020

ගින්නෙහි ඇතුළාන්තය සොයා යමු...

              


   ගින්නෙහි ඉතිහාසය වෙත යොමු වන්නේ නැතුව, වෘක්ෂලතාදියෙහි ගිනි පද්ධති වල බොහොමයක් අංග ඇගයීමට ලක් කිරීම නොහැකිය. පුද්ගලයෙකුගේ ජීවන කාලයෙහි දිග සිට වසර මිලියන ගණන් ගතවන භූවිද්‍යාත්මක පරිමාණයක් තුළ දක්වා විවිධ පරිමාණ තුළින් අපට ගින්නේ ඉතිහාසය දැකගත හැකි වේ. කෙසේවෙතත්, දත්ත ඒකරාශී කිරීමේ දී මේ එක් එක් පරිමාණ සඳහා එකිනෙකට වෙනස් ප්‍රවේශයන් අවශ්‍ය වේ. ගිනි රෙජිමයන්ගේ අංග ලක්ෂණ තහවුරු කිරීමේ දී අපට ඓතිහාසික දත්ත අවශ්‍ය වෙන අතර  නිදසුනක් ලෙස ලැව්ගිනි ගැන වර්තමානයේ තිබෙන පිළිවෙත් වලට උපකාරීවන ගිනි ආපසු පැමිණීමේ විරාමයන්(fire return intervals) ගැන ඉගෙනීමට ද සිදුවේ. (ගිනි ආපසු පැමිණීමේ විරාමයන් යනු නිශ්චිත කරනලද ප්‍රදේශයක් තුළ එනම්, සාමාන්‍යයෙන් එක් වර්ගයක වෘක්ෂලතා පවතින ප්‍රදේශයක් තුළ ඇතිවන ගිනි අතර ගතවන කාලසීමායි).

Fire regimes and the World's biomes 23 September ppt download

        තනි තනි පුද්ගලයන් ගේ හෝ චන්ද්‍රිකා තොරතුරු ද ඇතුළුව ආයතනවල තොරතුරු හැටියට අද වන විට අපට ලේඛනගත තොරතුරුවල වාසිය ලබා ගත හැකිවේ. මෙය අපට ගින්දර පිළිබඳ වඩාත් යහපත් ගෝලීය දර්ශනයක් ගෙන එන්නේ වී නමුත් ඒ ඒ කාල වකවානු තුළ ගින්දර පිළිබඳ වඩාත් යහපත් පර්යාලෝකයක් අපට අවශ්‍ය වේ. විශේෂයෙන්ම එය අපට අවශ්‍යවන්නේ ස්වභාවික ගිනි පද්ධති මත මානවයන්ගේ බලපෑම ඇගයීමට මෙන්ම ලැව්ගිනි මත දේශගුණ විපර්යාසයෙහි බලපෑම ගැන යම් අවබෝධයක් ලබාගැනීමටත්ය. මෑතක ඉතිහාසය පිළිබඳ වාචික හෝ ලිඛිත වාර්තා වලට අමතරව සොබා ධර්මය තුලම ගැබ්වී ඇති ගිනි පිළිබඳ දත්ත සපයා ගැනීමට ද අපට හැකිය.

visual aide - cross section of tree trunk

        මෙහිදී එක් ප්‍රවේශයක් වනුයේ ගසෙහි කාෂ්ඨය(ලීය) තුළ ඇති වලයන්(rings) උපයෝගී කර ගැනීමයි. වර්ධන වලය උපයෝගී කරගනිමින් ගසක වයස නිර්ණය කිරීමටත් ඊට අමතරව දේශගුණික දත්ත සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගැනීමටත් අපට හැකිය. එහෙත් වර්ධන වලයන්ට අතීතයේ ඇතිවූ ගිනි ගැන කියාපෑමට ද හැකි වේ. අප දැනටමත් දැක ඇති පරිදි බොහෝ වනගත ප්‍රදේශවල මතු පිට ගිනි සුලභය. ගස් මරා දමන්නේ නැතුව එම ගිනිවලට ගස් පසුකර යා හැකිය.                                                    කෙසේවෙතත්,  යම් ප්‍රදේශයක දී කාලයාගේ ඇවෑමෙන් සුව වෙන ගිනි කැලැල් ඇති කරමින් ගස් කරවී හෝ දැවී හෝ යා හැකිය. ගස කපා දැමූ විට අපට අතීතයේ ගින්නක් හටගත් බව තහවුරු කිරීමට හැකිවෙනවා පමණක් නොව ගින්න ඇතිවූ වර්ෂය පවා තහවුරු කර ගැනීමට ද හැකිවේ. වර්ධන වලයන් ගණනාවක්ම ඇති ගස්වල ගිනි බොහොමයක් ඇතිවූ බවට ලකුණු තිබෙන්නට හැකිය මෙවන් කැලැල් රටාව ගිනි ඇතිවෙන සීග්‍රතාව හෙවත් ගිනි යළි ඇතිවීමේ විරාම ගැන ද අපට තොරතුරු සපයයි.

        වඩා පුළුල් ප්‍රදේශයක ගස් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නම් අතීතයේ ඇති වූ කිසියම් නිශ්චිත ගින්නක ප්‍රමාණය පිලිබඳ දත්ත එමගින් ලබාගත හැකි වේ. එවිට සමස්ත කලාපය පුරාවටම ඇති ගස්වලින් ගිනි දත්ත සපයා ගත හැකි නම් ඒවා දේශගුණය පිළිබඳ තොරතුරු සමග එක් කිරීමට හැකිවේ. එවිට එය, ගිනි සීඝ්‍රතාව කෙරෙහි දේශගුණ විපර්යාස බලපාන්නේ කෙසේද යන්න අර්ථ දක්වීමටත් එමෙන්ම,        එල් නිනෝ සහ ලා නිනා යන සංසිද්ධිවලින් හට ගන්නා ප්‍රධාන උච්චාවචනයන්ගේ(උස්පහත්වීම්වල) බලපෑම් දැකගැනීමටත් මග පෑදේ. එල් නිනෝ සහ ලා නිනා යනු, විශාල පරිමාණයේ වායුගෝල සහ සාගර ඈඳුම් චක්‍රයක(atmosphere and ocean coupling cycle) පිළිවෙලින් උණුසුම් සහ සිසිල් අවස්ථාවන්ය. එල් නිනෝ අවස්ථාවක දී බටහිර ශාන්තිකරයේ කොටස් සුවිශේෂීව වියළෙයි. උතුරු කැලිඵෝනියාවේ Sequoia ජාතික වනෝද්‍යානය වැනි සමහර ප්‍රදේශවල දී, වසර 3,000කට ආසන්න කාලයක යටගියාවේ ගිනි වාර්තා ලබා ගැනීමට ගස් වලයන් යොදා ගැනීමට හැකිවී තිබේ.

El Nino vs La Nina | robertscribbler

        ගස්වල වලයන්හි ගිනි කැලැල්  දත්ත ලබා ගැනීම වනාන්තර වටපිටාවන්ට සීමා වී ඇත. එවැනි වටපිටාවක ගස් සාම්පල කිරීමේ (නියැදි ලබා ගැනීමේ) පහසුව තිබේ. දැවෙන ගිනි වායුගෝලයට ජල වාෂ්ප පමණක් නොව බහුචක්‍රීය අරොමැටික(සගන්ධ) හයිඩ්‍රොකාබන වැනි සංකීර්ණ රසායන, කාබන් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ, අමෝනියා වැනි වායු, දැලි සහ අඟුරු කුඩා කොටස් ස්වරූපයෙන් ප්‍රතිසංයෝජිත ජෛව කාබන  ආදී සංකීර්ණ රසායනික වලින් සමන්විතය. දැලි, බහුචක්‍රීය අරොමැටික හ්යිඩ්‍රොකාබන සහ ඇමෝනියා වැනි මේ සංයෝගවලින් බොහොමයක්  ගිනි හටගැනීමේ පසුගිය අවස්ථා පැහැදිලි කිරීමට යොදාගනු ලැබ තිබෙන අතර එහෙත් ඒවා විශේෂයෙන්ම ගිනිවල ප්‍රමාණය අර්ථ දැක්වීමේදී මතභේදයට තුඩුදෙන බව පෙනී ගොස් තිබේ. micro- සහ meso-charcoal ගල් අඟුරු ලෙස දැක්වෙන කුඩා ගල් අගුරු කැබලි පසුගිය වසර මිලියන හෝ එවැනි කාලයක් තුළ ඇති වූ ගිනි ගැන අර්ථ දැක්වීමේදී භාවිත කර ඇත.

Sunday, 18 October 2020

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ පශ්චාත්නූතන තත්වය

           


         ශ්‍රී ලංකාවේ අර්ධ පශ්චාත්නූතන තත්වයක් වර්ධනය වෙමින් පවතින බව සනාථ කිරීමට සාක්ෂයක් සේ ජනමාධ්‍ය වල ක්‍රියාකාරිත්වයද උපයෝගී කොටගත හැකිය.

          වර්තමානයේ ජනමාධ්‍ය සතුව පවතින අසීමිත බලතල පිළිබද විමර්ශන කරන්නෙකුට නැගෙනු ඇත්තේ රාජ්‍ය තන්ත්‍රය ඉක්මවා යන්නට තරම් ඒවා ප්‍රභල බවය. එහෙත් මෙවැනි බලයක් හැම මොහොතකම ජනමාධ්‍ය සතු නොවේ. යම් සුවිශේෂ අවස්ථා වලදී  ජනමාධ්‍ය රටේ ආණ්ඩුව ඉක්මවා යන නමුදු එය ස්ථිතික තත්වයක් නොවේ.අතීතයේදී ලංකාවේ වැදගත් ම අමාත්‍යාංශ ලෙස සැලකුණේ ආරක්ෂක, මුදල්, නීති හා රාජ්‍ය පරිපාලනය යන විෂයන්ට අයත් අමාත්‍යාංශයන්‍ ය.නීති පාලනය හා මුදල් වැනි අමාත්‍යාංශ සතුව තිබූ හෙජමොනිය ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත සංක්‍රමණය වීම මේ යුගයේදී වූ විශාල පරිවර්තනයකි.

            2003දී ජනාධිපතිනිය විසින් පවරා ගත් අමාත්‍යාංශ දෙකෙන් එකක් ජනමාධ්‍ය වීම ගැන ද අපගේ අවධානය යොමු විය යුතුය. ඇය විසින් පවරා ගන්නා ලද අනෙක් කටයුතු වූයේ ආරක්ෂක කටයුතු ය. රටේ ආරක්ෂාව තරමටම හෝ ඊටත් වැඩියෙන් ජනමාධ්‍ය වැදගත් බව ඇය වටහා ගෙන තිබුණි.මෙලෙස කිසියම් ආකාරයක සුවිශේෂ බලයක් ජනමාධ්‍යයට ලැබුණේ කෙසේද යන්න පිළිතුරු දිය යුත්තේ 1977 දේශපාලන විපර්යාසයෙන් පටන් ගනිමිනි.

             70 දශකයේ අවසාන කාලයේදී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු වූ බවත් ඊට මූලික හේතුව ප්‍රාග්ධනයේ සෘජු මැදිහත්වීම බවත් ඇතැම් විද්වතුන්ගේ මතයයි. කතිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසන ආකාරයට මෙය සුසමාදර්ශ විතැන්වීමකි. කලින් මාධ්‍ය යොදාගනු ලැබුවේ මහජන සේවාවක් ලෙසටය. එහෙත් විවෘත ආර්ථිකය හදුන්වා දීමත් සමග මේ තත්වය වෙනස් විය. 1970 දශකයේ අවසානයේ සිට මාධ්‍ය කටයුතු කරන්නේ වෙළඳ ජයග්‍රහණය තම මූලික අරමුණ කර ගෙනය.

මාධ්‍ය වෙත බලය විස්ථාපනය වීම

           දේශපාලකයා සතු බලය මාධ්‍ය වෙත විස්ථාපනය වන්නේ පශ්චාත්නූතන තත්වයකදීය. අප කලින්ද විස්තර කල පරිදි මෙය පූර්ණ බල විස්තාපනයක් නොවේ. එය කොතරම් සුලුවෙන් සිදු වේවිද කියතොත් ඇතැම් අවස්තාවල එය අවිද්‍යමානය. මොහොතක එය ඉතා ප්‍රබලය.කලක් අක්‍රියව පැවැති න්‍යෂ්ටික රසායනයක් හදිසි ප්‍රතික්‍රියාවකට නතුව අධි ප්‍රතික්‍රියශීලිත්වයක් පෙන්නුම් කරනා සේ ඇතැම් මොහොතක මාධ්‍ය දේශපාලකයා මතු නොව මුලු මහත් රාජ්‍ය ම අභිබවා නැගී සිටියි. මෙය සරල නිදසුනකින් පෙන්වා දිය හැකිය. 2004 ජූලි මස 07 වැනිදා රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් අප්සරා අතපත්තු නැමැති කාන්තාවක් අපූර්ව ප්‍රකාශයක් ඉදිරිපත් කළාය."මට එක්තරා දේශපාලානඥයකුගෙන් මරණීය තර්ජන තිබෙනවා. ඉහළ තැන්වලින් මට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මං මේ කතාව මාධ්‍යයට කියනවා."

                මේ ප්‍රකාශයෙන් ඇය ඇඟවූයේ තමාට රජය තුල පවතින කිසිදු පද්ධතියකින්  (මාධ්‍ය හැර) පිහිටක් නොලැබෙන බවය. එය කෙතරම් බරපතල ප්‍රකාශයක් ද?

                ජනතාවට ආරක්ෂාව සැලාසීමේ බලය මාධ්‍ය සතු දැයි යන්න ගැටලුවකි. එය එසේ වෙතත් අතපත්තු විසින් කරන ලද ප්‍රකාශය (තමාට පිහිට ලැබෙන්නේ මාධ්‍ය මගින් පමණක් යන්න) ඉතා වැදගත් එකකි. මන්දයත් මෙවැනි විශ්වාස සිත්හි දරා ගෙන සිටින සැලකිය යුතු පිරිසක් ලංකාවේ ජීවත් වෙති.

        ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙත බලය විස්ථාපනය වූ ඓතිහාසික අවස්ථාවක් වන්නේ 2004 සුනාමි ඛේදවාචකය යි.

        සුනාමි විපත ඇති වීවත් සමග ම මෙරට ජනමාධ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් ඉතා කඩිනම් ප්‍රතිචාරයක්  දැක් වූ බව හැම දෙන පිළිගන්නා කරුණකි. කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ සිට ධීවර සංස්ථාව දක්වා වූ රාජ්‍ය යාන්ත්‍රණය ම නිවාඩු සුව විදිමින් සිට නිද්‍රෝපගත හෝරාවක් සිය ආගමනය සඳහා  සුනාමිය විසින් තෝරා ගෙන තිබීම නිසා ජනමාඩධ්‍ය‍යේ මැදිහත්වීම සුවිශේෂ ලෙස ඉස්මතු විය.

ජනමාධ්‍ය විසින් අප ජීවිත මත පතුරවන ලබන ආධිපත්‍යය කෙබඳු දැයි වටහා ගැනීමට මෙය කදිම අවස්ථාවක් විය.

අපේ ජනමාධ්‍යයේ කාර්යභාරය කුමක්ද?

            ජනමාධ්‍යවලට අදාළව පැවැති කාර්‍යභාරය වූයේ සමාජයට සත්‍යය ප්‍රකාශ කිරීමය.එමෙන්ම ජනතාවට දැනුම හා වින්දනය ලබා දීමද ජනමාධ්‍ය වෙතින් අපේක්ෂා කෙරිණි.මීට දශක දෙකකට තුනකට පෙර ගුවන්විදුලියෙන් කී ප්‍රවෘත්ති කෙරෙහි ජනතාවගේ තිබුණේ ලොකු විශ්වාසයකි.කුමන රජය පැවතියත් ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා කවුරුන් වුවත් මිනිසුන් ඒ ගැන නොසලකා එම ප්‍රවෘත්ති විශ්වාසය කළහ.අද ජනතාව යම් පප්‍රවෘත්තියක් තහවුරු කරගන්නේ ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා කීපයකටම සවන්දීමෙන් පසුවය.

            අතීත ගුවන්විදුලියේ බුද්ධිමය සංවාද ස්ම්ප්‍රේෂණය කළ වැඩසටහන් රැසක් වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.එහෙත් අද වෙනසක් නැතිව හැම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවක්ම මුදල් ඉපයීමට පමණක් වැඩසටහන් ගෙන එන තැන් බවට පත්ව තිබේ.පශ්චාත්නූතන තත්වයකදී ජනමාධ්‍ය යනු බුද්ධිමය සංවාද සම්ප්‍රේෂණය කරන්නක් නොව පාරිභෝගික සේවා සපයන අවකාශයකි.


            මේ තර්කය අනුව ලංකාවේ පවතින්නේ පශ්චාත්නූතන තත්වයක් බව ඉතා පහසුවෙන් පැහැදිලි කර දිය හැකිය.මක්නිසාද යත් ලංකාවේ ජනමාධ්‍ය සියල්ල ම අද බුද්ධිමය සංවාද සම්ප්‍රේෂණයණයෙන් බැහැරව පාරිභෝගික සේවා සැපයීමට නැඹුරුව සිටින හෙයිනි.අද ජනමාධ්‍ය වලට වුවමනා බුද්ධිමය සංවාද ගෙන ඒමට නොව තම ගුවන් කාලයේ හෝ මුද්‍රිත අවකාශයේ හෝ  වටිනාකම වැඩිකර ගැනීමට ය.

          විශේෂයෙන්ම තම ගුවන් කාලය වැඩි පිරිසක් පරිහරණය කරනු දැකීම රූපවාහිනී නාලිකා හිමිකරුවන්ගේ සිහිනයයි.ඒ සදහා ඔවුහු විවිධ උපක්‍රම යොදති.

                   උදා - අඩනිරුවත් දර්ශන හෝ නිරුවත් දර්ශන හෝ ඇතුළත් කිරීම ඉන් එක් උපක්‍රමයකි.

            අද රූපවාහිනී නාලිකා බොහොමයක් මගින් ඉදිරිපත් කෙරෙන බටහිර හා හින්දි ගීත වැඩසටහන්ව්වවල සැබෑ අරමුණ ගීත රසය ලබාදීම නොව අඩනිරුවත් ස්ත්‍රී රූප ප්‍රදර්ශනය මගින් පිරිමින් ඒ කෙරෙහි ආකර්ෂණය කරගැනීය.අද ඇතැම් රූපවාහිනී නාලිකාවල ස්ත්‍රී නිරුවත පූර්ණ වශයෙන් පෙන්වන බව රහසක් නොවේ.

            ජනතාවගේ බුද්ධියට් අමතන වැඩසටහන් අද රූපවාහිනී නාලිකාවල දැකිය නොහැකි තරම්ය.සංවාද වැඩසටහන් කීපයක් නාමිකව පැවතුනද ඒ සියල්ල මාධ්‍ය නාලිකාව හිමිකරුගේ අවශ්‍යතා සදහා විශේෂයෙන් නිර්මාණය කෙරුණු ඒවාය.එම වැඩසටහන් මගින් කෙරෙනුයේ නාලිකාවට අවශ්‍ය දේ මිස ජනතාවට අවශ්‍ය දේ නොවේ.

            අද ජනමාධ්‍ය කටයුතු කරන්නේ තම හාම්පුතුන්ගේ අවශ්‍යතා හේතුවෙනි.අද ලංකාවේ ජනජනමාධ්‍යවේදීන්ට ප්‍රධාන අරමුණු 02ක් තිබේ.

               1. හිමිකරු සතුටට පත් කිරීමයි.

(එනම් ප්‍රධානියා උදව් දෙන දේශපාලන පක්ෂය වර්ණනා කිරීම ආදිය මීට ඇතුළත් වේ.)

               2. කුමන කමයකින් හෝ ලාබ ලැබීමයි.

(ලාබ ලැබීම වෙනුවෙන් ඕනෑම දුෂ්ට ක්‍රමයක් යොදාගැනීමට සූදානම් වෙළෙන්දන් ලංකාවේ ජනමාධ්‍ය වලට අවතීර්ණ වී සිටින බව පැහැදිලි ය.)

            2003දී රූපවාහිනී සභාපතිවරයා වී සිටි ධම්මික ගංගනාත් දිසානායක රූපවාහිනී වැඩසටහන් ගැන මෙසේ පවසයි."අපේ වැඩසටහන්වල ගුණාත්මක බව ව්ඩු වෙන්න පුලුවන්.නමුත් එම ආයතන පවත්වාගෙන යන්න මුදල් උවමනායි.පුවත්වල වැඩිපුරම අපරාධ තියෙනවා.මිනිස්සු වැඩිපුර ඒවට කැමතියි."මෙතුමා ඉතා වගකීමෙන් පවසන්නේ මුදල් අවශ්‍යතාව වෙනුවෙන් ගුණාත්මක භාවයෙන් අඩු වැඩසටහන් පවා ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි.රජයේ ජනමාධය්‍ය වල පවා සිදු වන්නේ මුදක් හබා යන වෙළදාමක් බව ස්ඵුට කිරිමට මෙය කදිම සාක්ෂියකි.

            පුද්ගලික මෙන්ම රජයේ රූපවාහිනී නාලිකාවලද බලධාරීන් විකෘති කාමයෙන් පෙලෙන පිරිසක් බවට චෝදනා එල්ල වන්නේ ඒවායේ ප්‍රචාරය වන වැඩසටහන් හේතුකොට ගෙන කලකට ඉහතදී රූපවාහිනියේ නිවේදිකාවන්ට තම කලවා පෙනෙන සේ කොට ගවුම් අදින්නට විධාන ලැබී තිබූ බව කියැවේ.මේ හැම දෙයක්ම සිදු වූයේ වෙළදපොළ අරමුණු කරගෙන බව පැහැදිලිය.

            පශ්චාත්නූතනවාදීන් සත්‍ය සම්බන්ධයෙන් දරණ ආකල්පය අපේ මාධ්‍ය පිළිවෙත සමග සම්බන්ධ වන්නේ කුමන ආකාරයටඩ දැයි විමසා බැලීම වැදගත්ය.ඒකීය වුවත් විශ්වීය වුවත් පරම සතය්‍යක් නැතැයි යන්න පශ්චාත් නූතන විශ්වාසයකි.එකී කරුණට අනුව නම් අපගේ මාධ්‍ය සියයට සියයක්ම පශ්චාත් නූතනවාදී බව පෙනේ.ද ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සත්‍ය ප්‍රකාශ කරන්නට උනන්දු වන බව බැලූ බැල්මට පෙනේ.එහෙත් විවිධ මාධ්‍ය එකම කරුණ ගැන පරස්පර විරෝධී තොරතුරු එකම දවස තුළ ඉදිරිපත් කරයි.මේ මාධ්‍ය වලට අවශ්‍ය වන්නේ වැඩි පිරිසක් අතර ජනප්‍රියත්වයක් දිනාගත හැකි සත්‍ය ප්‍රචාරය කිරීමටය.මෙහිදී ඔවුනට තරගයකට මුහුණ දීමට සිදු වේ.

            එවිට කළ යුත්තේ සත්‍යය වඩාත් ආකර්ෂණීය ලෙස ප්‍රචාරය කිරීමය.මෙසේ සත්‍ය‍යන් රැසක් ඇති විට කුමන සත්‍ය ප්‍රකාශ කරනවාද යන්න තීරණය වන්නේ වෙළදපොළ මුල් කරගෙනය.

                    උදා - 2004 දෙසැම්බර් 26 හටගත් සුනාමි තත්වයේදී මාධ්‍ය ක්‍රියාකළ ආකාරය 

            ඉරුදින රාවය වැනි විකල්ප පුවත්පත් විසින් මෙන්ම ඇතැම් ජාතික පුවත්පත් විසින්ද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සාක්ෂ්‍ය සහිතව පෙන්වා දෙන ලදී.එහෙත් රජයේ ඇතැම් මාධ්‍ය හා ඇතැම් ජාතික පුවත්පත් සාක්ෂි ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ එම ආයතනය දෙපාර්තමේන්තුව සද්භාවයෙන් යුතුව කටයුතු කර ඇති බවයි.අද ලංකාවේ මාධ්‍ය වලින් ඉදිරිපත් කෙරෙන වැඩසටහන් වලින්ද මෙහි පවතින පශ්චාත්නූතන තත්වය ඉස්මතු වී පෙනේ.

            වර්තමාන ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා බහුතරයක නිවේදක නිවේදිකාවන් භාවිතා කරන භාෂාව ගැන පළමුව අවධානය යොමු කළ යුතුය.ඔවුන් කතා කරන වචනවලින් හරි අඩකටත් වඩා ඉංග්‍රීසි වචන වේ.සිංහලෙන් පාඨකයා අමතන අතර තැනින් තැනින් ඉංග්‍රීසි වචන යෙදීම ඔවුන්ගේ වැඩසටහන්වල මෝස්තරයක් බවට පත් වී ඇත.

            සිංහල වචන භාවිතයේදී පවා කිසිදු ප්‍රමිතියක් නිමැතිව ඒවා යොදාගන්නා බව පෙනේ.ඉතාමත් ග්‍රාම්‍ය දෙපිට කැපෙන වචන හා ඇතැම් විට අසභ්‍ය වචන පවා භාවිත කිරීමට මේ අය නොපැකිලෙති.මෙහිදී ඉදිරිපත් වන්නේ සංස්කෘතියේ සීමා මායිම් වියැකී යාමේ තත්වයයි.එනම් උසස් පහත් භේදය අතුරුදහන් වීමයි.බොහෝ විචාරකයින්ගේ නිර්දය විවේචනයට ලක්ව තිබෙන විද්යුත් මාධ්‍ය වැඩසටහන් විශේෂයක් වන්නේ සිංදු ඉල්ලීම්‍ වේ.කලින් සිංදු ඉල්ලනු ලැබුවේ දුරකතනයෙන් හා තැපැල් පත් මගිනි.දැන් ඉලෙක්ට්‍රෝනික තැපෑල, ජංගම දුරකතන, කෙටි පණිවිඩ යැවිම හා ෆැක්ස් මගින් ද හැකි වී තිබේ.

            මේ සිංදු ඉල්ලීමේ වැඩසටහන්වල ගුණාත්මකභාවය ගැන විවිධ චෝදනා එල්ල වේ.2003 ගංවතුර සමයේදී එක්තරා ගුවන්විදුලි නාලිකාවකින් තරුණියක් ගීතයක් ඉල්ලුවාය.එවිට එම වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදිකාව ගීතය ඇසීමට හවුල් කරගන්නේ කවුරුන්දැයි විමසුවාය."විශේෂයෙන් කවුරුත් නැහැ.ගංවතුරට යට වෙලා ඉන්න අය මේ ගීතයට එකතු කරගනිමු."කියා තරිය පිළිතුරු දුන්නාය.එවිට නිවේදිකාව මෙසේ කීවාය."ඔව් ගංවතුරට යට වෙල ඉන්න අයටත් තියෙන්න ඕනි විනෝදයක්.ඒ අයත් ඒ නිසා සම්බන්ධ කරගෙන මේ ගිතය අසමු."මෙවැනි සිදුවීම්වලින් පෙනෙන්නේ කුමක්ද?? සමාජ ඛේදවාචකයක්.විපතක් ලෙස දකින්නට නොව හීතයක් හෝ චිත්‍රපටයක් ලෙස හෝ රස විදින්නට ව්පේ නව ජනමාධ්‍යවේදීන් පුරුදුව සිටින බවය.ජනමාධ්‍යවේදීහු මේ දේවල් තමන පමණක් රසවිදිමින් සිටින්නට කැමති නොවෙති.ඔවුහු මේවා බලෙන්ම රසිකයාට පුරුදු කරති.ඉන්පසු හැම දෙනෙකුම විපතක් දෙස බලන්නේ රසවිදිය හැකි දෙයක දෙස බලන ආකාරයෙනි.

            ලංකාවේ එෆ්.එම් නාලිකාවල පැවැත්ම රදා පවතින්නේ ලිංගිකත්වය හා අවිචාර බස් වහර මත බව 2005 මාධ්‍ය අමාත්‍යංශ සමීක්ෂණ වාර්තාව පවසයි.මේ නාලිකාවලින් ඉදිරිපත් කෙරෙන ප්‍රවෘත්ති විකාශ කෙරෙහිද සමීක්ෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.සමීක්ෂණ වාර්තාව අනුව එෆ්.එම් නාලිකාවලින් ඉදිරිපත් කෙරෙන ප්‍රවෘත්ති අවුල්සහගතය.විශ්වාසනීයත්වයකින් තොරය.කතාන්දර ශෙලියකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමද සමීක්ෂණ වාර්තාවෙන් දෝෂ දර්ශනයට ලක්වේ.

            විද්‍යුත් මාධ්‍යවල පමණක් වල නොව මුද්‍රිත මාධ්‍යවල ද අපට  පශ්චාත්නූතන ලක්ෂණ රැගත් නිර්මාණ දැකිය හැකිවේ. අතීතයේ පුවත්පත් හොඳ හා නරක ලෙස (තවත් විදියකට කියතොත් සභ්‍ය හා අසභ්‍ය ලෙස) වර්ග කළ හැකිව තිබුණි. ඒ අනුව සිළුමිණ, දිනමිණ, ලංකාදීප, දිවයින වැනි ඒවා සභ්‍ය පුවත්පත්ය. නවසරණ, සීදේවි, සොඳුර ආදිය (1994-2002 අතර පළවූ) අසභ්‍ය පුවත්පත්‍ ය. එහෙත් දැන් බිහිවන ඇතැම් පුවත්පත් මේ සභ්‍ය අසභ්‍ය සීමා මායිම් බොඳ කරයි. ඊට නිදසුනක් ලෙස සෙනුරි යනුවෙන් හැඳින්වෙන පුවත්පත් ඉදිරිපත් කල හැකිය. එය පුවත්පතක් වශයෙන් ශ්‍රි ලංකා ජනරජයේ ලියාපදිංචි කර ඇති බව මුල් පිටුවේම සඳහන් වෙයි. සෙනුරි හි උද්යෝග පාඨය මෙවැන්නකි. "ආදරයේ අනන්තයට සෙනුරි..."

            විනෝදයෙන් හා වින්දනයෙන් සපිරි නවතම මගක් ගත් ලංකාවේ එකම කාන්තා පුවත් පත ලෙස මුල් පිටුවේ හැඳින්වීමක් ද ඇත. සතිපතා ඉරිදා දිනවල නිකුත් වන මේ පත්තරයේ මුල් පිටුව සැරසෙන්නේ දේශීය හා විදේශීය හෝ කාන්තා රුවකිනි. මුල් පිටුවේ කවරය හැම විටම සභ්‍ය චායාරූපයකින් සරසා තිබේ. පිටු 24 කින් සමන්විත මේ පුවත්පතේ ලිංගික තොරතුරු රැගත් කතා 5ක් පමණ පළවේ. ඒ කතා සමග අඩනිරුවත් ඡායාරූප ද පළවේ. සං‍යමයකින් තොරව ඉතාමත් අසභ්‍ය භාෂාවකින් ලියැවුණ කතා මේ අතර වේ. එම කතා අසභ්‍ය ප්‍රකාශන ලෙස හඳුන්වනු ලැබූ සිදේවි වැනි පුවත්පත් වල පළවූ කතාවලට සර්වසම වූ ඒවාය. විෂමලිංගික ක්‍රියා මෙන්ම සමලිංගික ක්‍රියා ද අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම මේ කතාවලදී සිදුවේ. 

                        උදා: සෙනුරි 2014 16 කලාපයේ 11 පිටුව හා 16 කලාපයේ 15 පිටුව

 එහෙත් එවැනි අසභ්‍ය විස්තර රැගත් කතා සමඟ දිවයිනේ ප්‍රකට කීර්තිමත් වෛද්‍යවරුන්ගේ හා වෙනත් විද්වතුන්ගේ ලිපි ද පලවේ. නිදසුනක් ලෙස සෙනුරි 20 කලාපයේ 14 වන පිටුවේ "ගැබිණී වාට්ටුව" නමින් ලිපියක් ප්‍රකට වෛද්‍යවරයකු ලියන විට 13 වන පිටුවේ පළවන්නේ තරණීයක් ලිංගික අත්දැකීමකි. එම ලේඛකයා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු පමණක් නොව දිගු කලක් තිස්සේ ජනමාධ්‍ය මගින් ජනතාවට උපදෙස් ලබා දුන් සන්නිවේදකයෙක් ද වේ. පෙර යුගයේ පළ වූ නවසරණ වනි අසභ්‍ය පුවත්පත්වල මෙවැනි ශාස්ත්‍රිය මට්ටමේ වෛද්‍ය ලිපි පළ වූයේ නැත.ඒවායේ වූයේ කිසියම් ලිංගික කරුනක් පිළිබඳ ව්‍යජ නමකින් පෙනී සිටින කෙනෙකු විසින් ලියන ලද බොරු උපදෙස් මාලාවකි. කිර්තිධර වෛද්‍යවරු එවැනි පුවත්පත්වලට ලිපි නො සැපවූහ. එහෙත් ඒ තත්ත්වය දැන් වෙනස් ව ගොසිනි.

            ඉතාමත් අසභ්‍ය කතා හා ඡායාරූප එහා පිටුවේ පළවෙන විට මෙහා පිටුවේ කීර්තිමත්  වෛද්‍යවරුන්ගේ ලිපි පළවේ.එපමණක් නොව දේශපාලනික තීරු ලිපිත් පළ වේ.කැසුවල් ටෝක් හා කින් ඩොට් කොම් ඊට නිදසුන්‍ වේ.කින් ඩොට් කොම්හි විස්තර කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයයි.සෙනුරි 20 කලාපයේ කින් ඩොට් කොම් තීරු ලිපියේ කියවෙන්නේ සන්ධානයේ බිහිවීම ගැනය.මෙසේ සෙනුරිහි ඉතාමත් අසභ්‍ය දේ මෙන්ම ශාස්ත්‍රීය හා සමාජ දේශපාලනික තොරතුරු ද ඇතුළත් වේ.එනම් මෙහිදී සිදුව ඇත්තේ උසස් පහත් භේදය අතුරුදහන් වීමයි.එය පශ්චාත්නූතන ලක්ෂණයකි.

                එහෙත් ලංකාවේ ජනමාධ්‍ය‍යේ පවා දක්නට ඇත්තේ පූර්ණ පශ්චාත්නූතන තත්වයක් නොව අර්ධ තත්වයකි.ධනවාදී රටවල භාවිතා වන ඇතැම් තාක්ෂණික මෙවලම් හා ක්‍රමවිධි තවමත් ලංකාවේ ජනමාධ්‍යවලට හිමිව නැතිවීම ඊට හේතුවයි.

 













































 

 

Thursday, 15 October 2020

සිඹින්නෙමි නුඹෙ පා කමල


ළමා මාගේ සොදුරු මතකය

නුඹත් සමගිනි බැදී ඇත්තේ..

එදා මෙන් අදටත් මගේ ලොව

නුඹයි රජක කිරුලු දැරුවේ..

 

දු‍ටුවේ නව ලොව හිරු කිරණ මම

සොදුරු නුඹගේ සොදුරු දෑසින්..

කියා දුන් හැටි අගෙයි පාඩම්

මතක් වෙයි අදටත් එදා මෙන්..

 

 

කවා බත් ගුලි එකින් එක ගෙන

කියා දී හොද ගුණ දහම් කද..

සදා මාගේ ලගින් සිටි සඳ

වදිමි ඔබගේ පා පියුම් යුග..

 

 

 නුඹේ සෙනෙහේ නිමක් නොදුටිමි

එදා මෙන් අද හෙටද වදිනෙමි..

පියාණෙනි නුඹෙ සිතේ සිතුවිලි

සදා මම ඉටු කරමි නොපැකිලි..

   


ගඟක් විය නුඹ දිය ලබා දෙන

පින් කෙතක් නුඹ සෙත සදා දෙන..

ලතෙත් උණුසුම නුඹෙ සොයාගෙන

සදා එමි සසරේ පතාගෙන..

        පද රචනය - නිම්මි කෞශල්‍යා

Friday, 9 October 2020

ගීතය සහ වත්මන් සමාජයේ විපරිනණාමය

සංස්කෘතිය වනාහී යම් සමාජයක්, ජන කොට්ඨාසයක් හදුනාගත හැකි කැඩපතක් බදුය. තමන්ගේ ජිවත්වීමේ රටාව, ජිවත්වීමේ මෝස්තරය, හැසිරිම් රටාවන්ය. සෑම රටකම සමාජයකට ම අනන්‍ය වු සංස්කෘතියක් ඇත. සමාජ පරිණාමය සමග ම සංස්කෘතිය ද ගතිකයක් බවට පත්වේ. ඒ අනුව සංස්කෘතිය ද නොයෙකුත් හැඩතලවලට කැඞී යනු ලබයි.


'සංස්කෘතිය පිළිබද සම්භව්‍ය නිර්වචන ඉදිරිපත් කොට ඇත්තේ 1871 දී ප‍්‍රකාශයට පත් කරන ලද Primitiv Culture නැමති පොත ලියු ඊ.බී.ටයිලර් විසිනි. ඔහු පැහැදිලි කරන ආකාරයට සංස්කෘතිය යනු දැනුම, විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත් විරිත්, සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු හැටියට ලබාගත් පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තයයි” (පල්ලියගුරු,1983)


සංස්කෘතික අංගයක් වන ගීතයේ ආරම්භය ද දඩයම් යුගය දක්වා ඈතට විහිදේ.


”ආදී මිනිසා සතුන් දඩයම් කරගෙන විත් ගිනිමැල ගසා ඒ වටා ගී ගයමින් නැටු බවට සාක්ෂ්‍ය සොයාගෙන ඇත” (අබේසිංහ,1968)ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සින්දු යන්න අපට හමුවන්නේ 15 වන සියවසේ දි රචිත තිසර සන්දේශය තුළ ”පන්දු කෙළ යළි කියමින් සින්දු” වශයෙනි. සිංහල ගීත කේෂත‍්‍රයේ ප‍්‍රභවය හා ක‍්‍රමික විකාශනය පිළිබද සලකා බැලිමේ දි ප‍්‍රබලතම සංධිස්ථානයක් සටහන් කරන්නේ කැරොල්, පසන් හා කන්තාරු ගීත සමුච්චයයි. මෙම ගීත ආරම්භ වන්නේ පෘතුගීසින්ගේ ආක‍්‍රමණත් සමගයි. එසේ ම බයිලා සහ කපිරිඤ්ඤා ගීතයට ප‍්‍රබල බලපෑමක් කොට ඇත. නූර්තී යුගය ද සිංහල ගීත සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් වශයෙන් හදුන්වා ඇත.


1949 දී පමණ ආරම්භවන ග‍්‍රැමෝෆෝන් යුගය ද සිංහල ගීත සාහිත්‍යයේ ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මකව නව ප‍්‍රවණතා රැසක් සිදුකළ සදානුස්මරණ යුගයකි. රුක්මණිදේවී, ලක්ෂ්මී බායි, එස්.ඩබ්.රූපසිංහ, ඒ.ආර්.එම්.ඉබ‍්‍රාහිම්, අහමඞ් මොහිදීන් වැනි නාමයන් අදටත් මතකයට නැගෙනුයේ ග‍්‍රැමෝෆෝන් යුගයේ සිටි උගත් වියතුන් නමිනි.



ඉන් පසු කාලය තුළ ගුවන් විදුලිය තුළින් ගීත කේෂත‍්‍රය නෛසර්ගික අංග මෙන් ම ග‍්‍රාහක පිරිස ද වර්ධනය විය. 1950 දශකයේ දි ආචාර්ය ඩබ්.ඞී. අමරදේව, මඩවල එස්. රත්නායක සහ ශ‍්‍රි චන්දරත්න මානවසිංහයන් සුසංයෝගයෙන් රසධාරා, මධුවන්ති වැනි වැඩසටහන් ආරම්භ කරමින් ගිත කේෂත‍්‍රය පෝෂණය කරන ලදි.


'ජනප‍්‍රිය සංස්කෘතිය නිරන්තරයෙන් වෙනසකට ලක්වනු ඊට ම ආවේණික වු රිද්මයක් තිබෙන වේගයෙන් ගමන් කරන ප‍්‍රවනතාවක් වේ. එහි රිද්මය සමග ලෝකය ගමන් කරයි. අනෙක් අතට ජනප‍්‍රිය සංස්කෘතිය ජිවන රිද්මය සමග සමාන වු කළ එය අලුත් දෙයක් ලෙස වැළද ගැනිමට සමාජය පෙළඹේ. මෙම තත්ත්වය යටතේ ජනප‍්‍රිය සංස්කෘතියෙන් යැපෙන්නන් හා එය පවත්වාගෙන යන්නන් වශයෙන් කොටස් දෙකක් පවතී. විවිධ අවස්ථාවල දී මතුවන අනුකාරක වේශයෙන් ජනප‍්‍රියත්වය වර්ධනය වන්නට හෝ විනාශවන්නට හේතුවේ” (සෙනවිරත්න,1999)


මෙසේ ක‍්‍රමිකව සුපෝෂණය වු ගීත කලාව වර්තමානය වන විට සමාජ සංස්කෘතිය නොතකමින් හුදු ආර්ථික ලාභ උපයන්නා වු අත කොලූවක් බවට පත් කරගෙන ඇත. වර්තමානය වන විට ගීපද රචකයන් බහුතරයක් නිර්මාණය වන්නා සේ විවිධ මාධ්‍ය ආකර්ෂණය දිනාගැනිමට සිහින තරු, සුපිරි තරු බිහිකරන රියැලිට් ෂෝ පවත්වයි. ඒ හරහා නිර්මාණය වන්නා වු නවකයන් හා අතරින් පතර සංගීත ගිල්මාට් හරහා බිහිවන පිරිස් මේවන විට නිර්මාණය කරන්නා වු ගීතය ලාංකීය සමාජ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමන්නේ ය.


ගීතය තුළ පේ‍්‍රමය, විරහව, ශෘංගාරය, වැනි භාවයන් ද ජනප‍්‍රවාදයන් ද සජීවී මෙන් ම අජීවී වස්තු රූපක වර්ණනා ආදිය තේමා කරගෙන ගීත රචනාවේ. බොහෝ විට නිර්මාණයකින් සිදු වන්නේ 'දුක' විග‍්‍රහ කිරිමයි. ඒ හරහා විවිධ රසයන් උපදින බවත්, පාඨකයාට අදාළ ඒ ඒ භාවයන් හී උපදින රස ඥාණනය කිරිම බවත් ඉගැන්වු ගුරුකුලවාදයෙන් ඔබ්බට ගිය සුගතපාල ද සිල්වා දුකට හේතුව සහ දුක්ඛ පසුපස ඇති අනෙකුත් සමාජීය සාධක සොයා ගියේ ය.


                                               ''ළදුනේ...

                                               පිරිමින්ගේ පාප කදට

                                               දෝස විදින ළදුනේ

                                               ළය නොපෙනෙන ළදුනේ

                                               කුහුඹුවකුට වරදක් නැති

                                               වැරැදිකාර ළදුනේ…''


ඈ ලස්සන කතකි. පියර තැවරූ ලස්සන කර තිබුණු ඇගේ මුහුණ සැබවින් ම සුන්දරය. ඇගේ සිරුර වැහැරී තිබෙනු ඔහු පසුව දුටුවේය. ගැහැණියකට තම සිරුර තරම් අගේ ඇති දෙයක් තවත් නැතැයි ඔහු දනී. එහෙත් එය මිල කරන තැනට ඇය පෙළඹෙන්නේ ඈ නරක නිසා ද?


ගණිකාව ජිවත් වන්නේ කය මිල කිරිමේනි. මෙම ගැහැණිය ගෙන් තමා සතුටු වෙද්දී ඈ මළ මිනියක මෙන් සිටියාය. ඈ තමාට වඩා සතුටින් වැළද ගත්තේ තමා දුන් මුදල්ය. මෙහිදී ගණිකාව හරහා ශෝකය නම් ස්ථායිභාවය ඉපිද (රතිය ශෘගාරය වෙනුවට) කරුණ රසය පිළිසිදගත් අවස්ථාවකි ලෙසින් හදුනාගත හැකිය.


ගීත සාහිත්‍යයේ සුභාවිත ගීතය ද ජනප‍්‍රිය ගීතය ද ඇතැම්විට එකම මාවතක ගමන් කරයි. නමුත් ඒවායේ රසවින්දනය හා ප‍්‍රඥාව ජනනය විවිධාකාරය. සුනිල් එදිරිසිංහයන්ගේ සයුරක් නොදුටු ගගුලක් ගීතය හා රූකාන්ත ගුණතිලකයන්ගේ ළදේ මුලා වී ගියා නම් යන ගීත දෙකටම පදනම්ව ඇත්තේ දෙදරා ගිය ආදරය හෙවත් විරහවයි.


                                     සයුරක් නොදුටු ගගුලක් – කිසිදා ගලන්නේ නෑ

                                     වෙරළක් අහිමි සයුරක් – කිසිදා හඩන්නේ නෑ


සැබවින් ම ගගුල සෑම විට ම සොයා යනුයේ මහා සාගරයයි. සාගරය නොවන්නට ගංගා කොතන නතරවේ ද? ඇතැම්විට එසේ වී නම් ගගුල නොගලා තිබෙන්නට හැක. එසේ ම සයුර සෑම විට ම උත්සාහ කරන්නේ වෙරළ කරා පැමිණිමටයි. නමුදු වෙරළක් නොතිබෙන්න සයුර මෙසේ හඩයි ද? ගීත රචකයා මෙසේ පසුබිම විස්තර කළ ද කතාවේ හරයට පැමිණ නොමැත. නමුදු රූකාන්ත ගුණතිලකයන්ගේ ගීතය ගත් කළ එය මෙසේය.


                                       ළදේ මුලාවී ගියා නම්  

                                       එපා ඔයාගේ සිනාවන් 

                                       මිරිගුව දැක මුවෙක් වගේ

                                       දිය සොයමින් කතර දිගේ

                                       ගිහින් මොකෝ පරාද වී දැන්


මෙම ගායනයේ මුල් පද සවනත වැකෙත් ම සිදුවීම වැටහේ. තම පෙම්වතා හරුදා වෙනකෙකු හා ගොස් මුලාවී නැවත පෙර පෙම්වතා කරා පැමිණි පෙම්වතියකි. නමුත් මෙම පෙම්වතා ඇයව ප‍්‍රතික්ෂේප කරයි.


”කලාව මිනිස් චර්යාවේ ලක්ෂණයක් වශයෙන් ප‍්‍රථමවරට හදුන්වා දෙන ලද්දේ ඇලන්බී මේරියන් නැමති ඇමරිකානු මානව විද්‍යාඥයා විසිනි. මිනිසාගේ සංස්කෘතික නිර්මාණයන් අතර කලාව වූ කලී අමුතු ම විදිහේ නිර්මාණයකි.” ඒ වග මෙම නිර්මාණය තුළින් විද්‍යමාන වේ. සාම්ප‍්‍රදායික ගැමි සමාජයේ ජනතාව කෘෂි කාර්මික කටයුතුවල නිමාවත් සමග විවේකය හරවත්ව රසවත්ව ගත කිරිම උදෙසා සොකරි වැනි නාඩගම් කෙරෙහි යොමු විය. නමුත් වසන්ත දුක්ගන්නාරාළ සොකරී චරිතය ප‍්‍රතිනිර්මාණය කරනුයේ මෙසේය.


                                   නුඹ හැඩකාරයි, කටකාරයි සොකරී

                                   යන්න එපා

                                   පැණි රස කෑම දිව ගාලා

                                   කංසා බොන්න සුදා

                                   සුර ලොව පේන සැපගාව මා

                                   අත්හරින්නෙපා

                                   නුඹ වැතීරීලා උඩුකුරුව සයනේ ඉන්න සොදා


යන ගීත කණ්ඩය සවනත වැකෙත් ම ගංජාවලින් අවසිහියට පත් විකෘති චර්යාවන් පෙන්නවන සල්ලායෙකු මැවෙන අතර සොකරී වනාහි ලිංගික පහස සොයන කාමාතුරයෙකුගේ ගොදුරක් වග "නුඹ වැතීරීලා උඩුකුරුව සයනේ ඉන්න සොදා" යනුවෙන් සංයමයෙන් තොරව අශ්ලීල ශෘංගාරයක් ගම්‍යමාන කරයි.


එසේ ම සොකරී ද සංකර සංස්කෘතියේ සංකේතයක් වග මෙමගින් පැහැදිලිය. මෙහි සුර ලොවක් වන්නේ බමන මතය හා රාගය සුසංයෝග වීමයි. වසන්ත දුක්ගන්නාරාළ දක්වන්නා වන්නේ සමාජ ක‍්‍රමයේ පවත්නා තත්ත්වය වුද එය ගීතය නැගීමේ දී ප‍්‍රඥෘශීලීව සංයමයෙන් ප‍්‍රතිනිර්මාණය කළේ නම් මැනවි.


”කාර්ල බ්‍යුකර් පවසන අන්දමට කලාව යනු ශ‍්‍රමයේ මල්ඵල ගැන්මකි” (විමලසේන,1969) යන ප‍්‍රකාශනය වර්තමානයට කෙතෙක්දුරට උපයුක්ත වන්නේ ද යන්න අවිනිශ්චිතය.


නමුදු තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් සැළලිහිණි සන්දේශයේ දි කාන්තාවගේ සුන්දරත්වය වර්ණනා කළේ ”සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින…….” යනුවෙනි.


                                       මම දුන්නේ කිස් එකයි – කිස් එකයි….//
                                       මම දුන්නේ කිස් එකයි – නමුත් ඒක මදි හැඩයි
                                       මම දුන්න තව එකක් – දැන් දෙකයි

                                    ගායනය – ජිප්සීස් සංගීත කණ්ඩායම


යන ගීත වේග රිද්මයට ගැයෙන අතර සිංහල භාෂාව හා ගීතය අගයන පිරිස් විසින් මෙම ප‍්‍රවණතා හෙළා දුටු අතර කළ හැකි කිසිවක් නොවුවෙන් විවේචනයටත් දර්ශනයටත් ලක් කිරිමට පමණක් සීමාවිය. වර්තමානය වන විට සෑදෙන විකෘති කාම දර්ශන උලූප්පනු ලබන විඩියෝ දර්ශන හරහා ද සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමයි. මෙහිලා ෆිල්ටිගේ මල්ලී විඩියෝ දර්ශන ඉතා ම අසභ්‍ය ලෙස භාවිතයට උදාහරණයකි.

වර්තමානයේ සමාජ සංස්කෘති ගීතය තුළින් විකෘති කරන බවට කදිම නිදසුනකි පොදු ප‍්‍රවාහන සේවා. බස් රථයකට ගොඩවන මගීන්ට සිදුවන්නේ තොරතෝංචියක් නැතිව නැෙගන විලාපයන් අසන්නටය.


එසේ ම ගායකයින්ගේ දුක්ගැනවිලි, අදෝනා ඊට හාත්පසින් ම වෙනස් වු දර්ශන, රූප රචනා තුළින් දක්්වයි. එසේ ම තාලය, මාධුර්යය, ලයාවිත බව වෙනුවට මෙකී ගීතවල ඇත්තේ කන් බිහිරි කරවන සංගීතයකි. විඩාබර ජිවිත ගෙවන මිනිසාට මෙකී සංගීතය නිසාවෙන් සිත නිවිමක් වෙනුවට ප‍්‍රකෝපකාරි, ආවේගශිලි භාවයන් ආරෝපණය වේ. එකී සංගීතයට අනුව බසයේ රියදුරු සුක්කානම කරකවන විට, නොයිවසිල්ලෙන් මගීන් පොල් මෙන් පටවා ගනිමින් එකී සංගීතයේ පහසට කොන්දස්තර මගීන් පිඩාවට ලක්කරයි.


තවද පාසල් ළමුන් ළමා ගී කියන්නේ කුමක් ද? යන්න නොදන්නා තරම සම්භව්‍ය ගීත කලාව කාලයේ වැලි තලාවෙන් වැසී, ඒ වෙනුවට මල් සංස්කෘතියේ ගීත, පේ‍්‍රම ගිත හා විරහ ගීත ගායනය කරයි. එසේ ම දරුවන්ගේ රසඥතාවය මොට කරමින් නිර්මාණය කරන දරුවා අනාගත රොබෝවරයෙක් වීම ඉඩහසර නොතබා කලාව රසවින්දනය කරමින් සංවේදි බවින් අනූන ජිවීයෙක් බවට පත්කළ යුතුය. ”මාසීලියෝ ෆිචිනෝ පවසනුයේ ආත්මයේ සෞන්දර්යය මනසින් ද, කයේ සෞන්දර්යය දෑසින් ද, නාදයේ සෞන්දර්යය සවනතින් ද සංජානනය කරන බවයි” (ගම්ලත්,1997). නමුත් හතු පිපෙන්නාක් මෙන් ඇතිවන්නා වු මෙකී ගීත නිර්මාණ ශ‍්‍රාවකයාගේ වින්දනීය මනෝභාවයන් ආමන්ත‍්‍රණයට සමත් නොවේ. එය ගීතයේ පැවැත්ම පිළිබද ප‍්‍රශ්නයකි.


එසේ ම වර්තමාන ප‍්‍රසංග කලා සංදර්ශනයන් හී මිනිසුන් ගීතයක් නිදහසේ රස විදිනු වෙනුවට වේදිකාවේ මීවිතින් මත්වී පණුවන් මෙන් දගලමින් බෙරිහන් දෙන ගායකයින්, එකී සංගීතය ශ‍්‍රාවකයාව ද පණුවෙක් මෙන් කරකවමින් විඩාවට ලක්කරයි. හුදෙක් මෙකී සන්දර්ශනයන් දි සිදුවන්නේ කළකෝළාහාළ හා මරා ගැනිම්ය. ගීතයෙන් මනස සුවපත් කරනු වෙනුවට වත්මන් ගීතයේ කාර්යය භාර්යය වී ඇත්තේ මිනිසා තව තවත් විනාශයට ඇද දැමීමයි. එම නිසා ගීතය කාලයත් සමග විනාශ වීමට ඉඩ නොදී රැක ගැනීම අප සැමගේ යුතුකමකි.




Thursday, 8 October 2020

සැගවුනු පරිසරයෙන් බිදක්

මනන් ඇල්ල 

Manan Ella, Sri Lanka |🇱🇰



රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අලංකාර දිය ඇල්ලක්  ලෙස මනන් ඇල්ල හැදින්විය හැකිය.ඇහැලියගොඩ නගරයේ සිට රත්නපුර දෙසට කි මී 6 ක් පමණ ගමන් කිරීමෙන් පසු බදුවත්ත නම් හන්දියෙන් හැරී කුරුගම්මෝදර  දෙසට තවත්  කි මී 5 ක් ගිය තැන මනන් ඇල්ල හමුවේ.ඇල්ල වෙත යාමට මදක් පා ගමනින් යා යුතුය.


මනන් ඇල්ල මී 30 ක් පමණ උසකින් යුතුය .දියඇල්ලේ වතුර අඩු කාලයට ඇල්ල සමීපයට ම යා හැකි වීම මෙහි විශේෂත්වයකි .එමෙන්ම ඒ කාලයට ඇල්ල පාමුල නොගැඹුරු වලෙන් නා ගැනීමට වුවද පුලුවන .නිස්කලංක ව බොහෝ වේලාවක් ගත කිරීමට මනන් ඇල්ල කදිම ස්ථානයකි .


අද වන විට මනන් ඇල්ල අයිති ප්‍රදේශය පාලනය වන්නේ පුද්ගලික වතුයායක් මගිනි.එම නිසා ඔබ මනන් ඇල්ල සංචාරය කරන්නේනම් එම බලධාරීන් දැනුවත් කර යෑම කල යුතුය.මින් පෙරදී මෙම තත්ත්වය නොතිබුනත් සංචාරකයන් ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා අද වන විට මෙහි පාලනය වතුයාය මගින් මෙහෙයවන ලබයි.


සංචාරක ඔබ පිළිපැදිය යුතු අනිවාර්ය නීතියකි.එනම් පරිසරය අපවිත්‍ර නොකිරීම යි.ඔබ සංචාරය කරන ඕනෑම ස්ථානයක් විනාශ නොකිරීමට ඔබ විසින්ම වග බලා ගත යුතුය.මන්ද යත් මේ අපූරු ස්ථාන මතුවටත් සුරැකීම අප සැමගේ වගකීමයි.එන්න ඔබත් නැවුම් අද්දැකීමක් විදගන්න...

Monday, 7 September 2020

Sri Lanka History



 Sri Lanka’s history is a source of great pride to both Sinhalese and Tamils, the country’s two largest ethnic groups. The only problem is, they have two completely different versions. Every historical site, religious structure, even village name seems to have conflicting stories about its origin, and those stories are, in turn, blended over time with contrasting religious myths and local legends. The end results are often used as evidence that the island is one group’s exclusive homeland; each claims first dibs.


In fact, the island’s location – its position along hundreds of ancient trade routes and its proximity to India – has resulted in a potpourri of visitors, immigrants, invaders, missionaries, traders and travellers, mostly from India, but also from East Asia and the Middle East. Many stayed on, and over the generations they assimilated and intermarried, converted and converted back again. The island’s history, like that of its ethnicities, is one of constant flux and shifting dominance. Nonetheless, the contemporary Sri Lankan take on history is deeply political and marked by deep ethnic divides – divides that may be totally artificial.

ජනමාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය

    ස්තී‍්‍ර-පුරුෂ සමාජ භාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර...