ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර්මාණය කරන ලද මතවාදයන් යන්න අදහස් වේ. ස්තී‍්‍රභාවය (Femininity) සහ පුරුෂභාවය (Masculinity) යන්න ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ සංකල්පයේ මූලිකත්වය ගන්නා අතර කාන්තාව සහ පිරිමියා විසින් සමාජය තුළ නිරූපනය කරන භූමිකාවන් ඒ හරහා නිරූපනය වේ.
Friday, 20 August 2021
ජනමාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය
Tuesday, 3 August 2021
ප්‍රේක්ෂකයන්ට තහනම් වූ ටෝකියෝ ඔලිම්පික්
විශ්වයේ මහා රංගනය හෙවත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 23වැනිදා ජපානයේදී ආරම්භ වුනි. සැබවින්ම එය ජපානය ලබා ගත් තවත් යුද ජයග්‍රහණයකට සමාන කළ හැකිය. එසේ කියන්නේ මෙවර ඔලිම්පික් පැවැත්වීම සැබවින්ම අභියෝගයක් වූ නිසාය.
නියමිත කාලය අනුව නම් ඔලිම්පික් පැවැතිව යුතුව තිබුණේ පසුගිය වසරේ එනම් 2020 ජූලි මාසයේදීය. එහෙත් ක්‍රමයෙන් මුළු ලොවම කොවිඩ් වයිරසයේ ග්‍රහණයට නතු වන විට ජපානය තීරණය කර සිටියේ ඔලිම්පික් 2021 වසරට කල් දැමීමටය. ඒ හැර වෙනත් විකල්පයක් නොවීය. එසේ නොකරන්නේ නම් කළ යුතුව තිබුණේ 2020 ඔලිම්පික් උළෙල සම්පූර්ණයෙන් අහෝසි කර 2024 ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව ජපානයට ලබා දීමය. ඒ යටතේ 2024 ඔලිම්පික් පැවැතවීමේ අවස්ථාව ලබා සිටින ප්‍රංශයට 2028 වසරේදී ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව ලබා දිමටත්, 2028 ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව ලබා සිටින ඇමරිකාවේ ලොස් ඇන්ජලස් නගරයට එම අවස්ථාව 2032 වසරේදී ලබා දීමටත්, 2032 වසරේ ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව දිනා සිටින ඔස්ට්‍රේලියාවට එම අවස්ථාව ඉන් පසුව උදා කර දීමටත් යනාදී වශයෙන් විකල්ප යෝජනා විය.
එහෙත් ජපානය සෑම විටම උත්සාහ දැරුවේ තම රට වයිරසයෙන් ආරක්ෂා කර ගනිමින් කෙසේ හෝ ඔලිම්පික් පැවැත්වීමය. අවසානයේ තරගාවලිය 2021 වසර දක්වා කල් දැමූ අතර සංචරණ සීමා දිගටම පවත්වා ගනිමින් ජපානය ඔලිම්පික් පැවැත්වීම සඳහා උපරිම උත්සාහ දැරීය. එහෙත් එය සිතූ තරම් පහසු වූයේ නැත.
මේ වන විටත් ටෝකියෝ නගරයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ දිනෙන් දින වර්ධනය වන කොවිඩ් ආසාධිතයන්ගේ සංඛ්‍යාව හේතුවෙනි. ඔලිම්පික් සඳහා සහභාගී වීමේ අරමුණින් යුක්තව ජපානයට පැමිණෙන ක්‍රීඩකයන් අතරින්ද කොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම වාර්තා වෙමින් තිබේ. ඒ අතරින් ඇතැම් ක්‍රීඩකයෝ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ලෙසද වාර්තා වී තිබිණි.
අවසානයේ ජපාන බලධාරීන් කොවිඩ් පාලනය කළ නොහැකි වාතාවරණයක් තුළ ඔලිම්පික් පැවැත්වීමේ අභියෝගය ජය ගැනීමට උප්පරවැට්ටියක් කල්පනා කළහ. ඒ අනුව මෙවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙනු ඇත්තේ නරඹන්නන් නොමැතිවය. එබැවින් මෙවර ඔලිම්පික් තරගාවලිය අති විශේෂ තරගාවලියක්ම වනු ඇත.
ඒ අනුව ජපාන බලධාරීන්ගේ අප්‍රතිහත උත්සාහය නිසාම එලැබි 23 වැනිදා 2021 ඔලිම්පික් තරග ජපානයේදී ආරම්භ කරනු ලැබූ අතර සමාරම්භක උත්සවය 21වැනිදා පැවැත්වීය. මෙලෙස ආරම්භ වූ ජපාන ඔලිම්පික් උළෙල අවසන් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 8 වැනිදාය. ඒ අතර තුර ක්‍රීඩා ඉසව් 33 පැවැත්වීමට නියමිත අතර ඒවායේ ජයග්‍රාහකයන්ට පදක්කම් 339ක් බෙදා දිමට නියමිතය.
ජපානය පුරා ස්ථාන 42කදී මේ ක්‍රීඩා ඉසව් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු යොදා අවසන්ය. සමාරම්භක උත්සවයෙන් පසු ප්‍රථම ක්‍රීඩා තරගය ලෙස සොෆ්ට් බෝල් ක්‍රීඩා ඉසවිව ෆුකුෂිමා හිදී පැවැත්වීමට නියමිත අතර ඒ ක්‍රීඩා තරගයට ‘යළි නැගිටිමු’ තේමාව ලබා දී ඇත. වසංගතය හේතුවෙන් ප්‍රේක්ෂකයන් නොමැතිව මෙවර ඔලිම්පික් පැවැත්වෙනවා සේම අතීතය විමසා බලව විට තවත් එවැනි සුවිශේෂී අවස්ථා යටතේ පැවැත්වූ ඔලිම්පික් තරග කිහිපයක්ම හමුවේ.
එම ඔලිම්පික් උළෙල සාමාන්‍ය අවස්ථාවන් ගෙන් වෙනස් වීමට බලපෑ හේතු අතර ප්‍රධාන වශයෙන් හමුවන්නේ යුද්ධයයි. අවසන් වශයෙන් වසංගතයක් ලොව පුරා පැතිර ගිය 1918 වසරේදී වාසනාවකට මෙන් ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට නියමිතව තිබුණේ නැත. එහෙත් ඊට පෙර එනම් 1916දී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල කල් දමනු ලැබුවේ පළමුවැනි ලෝක යුද්ධය හේතුවෙනි. එවර ඔලිම්පික් උළෙලේ සත්කාරක රට බවට පත්ව තිබුණේ ජර්මනියයි. එහෙත් වසංගත සහ යුද්ධ අවසන්ව 1920 වසරේදී සාර්ථක ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට බෙල්ජියමට හැකියාව ලැබිණි.
එහෙත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වන්නේය යන කියමන සැබෑවක්දැයි සිතෙන්නේ හරියටම 1940ද ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නොහැකි වීමෙනි. එයට හේතුව වූයේ වර්ධනය වෙමින් පැවති ලෝක යුධමය තත්ත්වයයි. එවර කොතරම් උත්සාහ දැරුවද ඔලිම්පික් උළෙල පැවැත්වීමේ හැනියාව ජපානයට ලැබුණේ නැත. එයින් පසු 1944දී ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව උදා කරගෙන සිටියේ ඉතාලිය වූ නමුදු එම ඔලිම්පික් උළෙලද අවලංගු කරනු ලැබුවේ දෙවැනි ලෝකය යුද්ධය හේතුවෙනි.
මෙලෙස යුධමය තත්ත්වයන් හේතුවෙන් ඔලිම්පික් උළෙල කිහිපයක්ම අහෝසි කරනු ලැබුවද ඒවා නොපැවැත්වීම හැරුණු කොට වෙනයම් ඛෙදවාචකයන් වාර්තා වූයේ නැත. ඇතැම් විට එම උළෙල අහෝසි කර දැමීමට ගත් යහපත් තීරණ හේතුවෙන් විය හැකිය. එහෙත් 1972 ඔලිම්පික් උළෙල නම් එවැනි වූ වාසනාවන්ත ක්‍රීඩා උළෙලක් වූයේ නැත. එම ක්‍රීඩා උළෙල ලෙයින් අවසන් වූ උළෙලක් වූයේ සමස්ත ලෝකයම කඳුළු ගඟක ගිල්වමිනි.
එවර ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව හිමි වී තිබුණේ බටහිර ජර්මනියට වූ අතර මියුනිච් නගරය ඒ සඳහා මනාව සූදානම් කර තිබිණි. ඒ සඳහා සහභාගී වීමට පැමිණි කණ්ඩායම් අතර ඊශ්‍රායෙල් ක්‍රීඩා කණ්ඩායමද වූ අතර ඔවුන් සැප්තැම්බර් 4වැනිදා රාත්‍රියේ අවට නගරයේ සැරිසරමින් ප්‍රීතියෙන් කාලය ගෙවූහ.
බොහෝ රෑ බෝවූ පසු තම කාමරවලට පැමිණ සුවසේ නින්දට පිවිසි ඔවුන් පසුදින උදැසන අවදි වූයේ ඛේදවාචකයක් අත් විඳිමටය. රාත්‍රියේ ඔවුන් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලට පිවිසි පලස්තීන ත්රස්තවාදීන් කණ්ඩායමක් ඊශ්‍රායෙල් ක්රීඩකෙයක් ප්‍රාණ ඇපයට ගත්හ. ඔවුන් පලස්තීනයේ ‘කළු සැප්තැම්බර්’ නම් ත්‍රස්තවාදී කණ්ඩායම යනුවෙන් තමන් හඳුන්වා දුන්හ. ඔවුන් අට දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම ඊශ්‍රායෙල් ක්‍රීඩකයන් නව දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමට සමත් වූහ.
ඔවුන් තම මෙහෙයුම ‘ඉක්රිට් සහ බිරාම් ‘ යනුවෙන් නම් කර තිබිණි. මේ ස්ථාන දෙකම පලස්තීනයේ ප්‍රදේශ වූ අතර ඒවා ක්‍රමයෙන් ඊශ්‍රායලය විසින් අත්පත් කර ගෙන තිබිණි.
ප්‍රාණ අපැකරුවන් අත්අඩංගුවට ගෙන මඳ වේලාවකින් මේ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ඊශ්‍රායලයට පවසා සිටියේ ඊශ්‍රායෙල් අත්අඩංගුවේ සිටින පලස්තීන ජාතිකයන් 234 දෙනෙකු නිදහස් කරන ලෙසයි. එහෙත් ඒ වන විටත් මියුනිච් පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටි අතර ක්‍රීඩකයන් මුදා ගැනීමේ මෙහෙයුමක් හැකි ඉක්මනින් සංවිධානය කෙරිණි. ඒ වන විටත් ත්රස්තවාදීන් අතින් ක්‍රීඩකයන් දෙදෙනකු මියගොස් සිටි අතර සෙසු පිරිස එකා බැගින් මරා දමන බවට තර්ජනය කෙරෙමින් පැවතිණි. අවසානයේ මියුනිච් පොලිස් නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුම සාර්ථක වූ නමුත් ත්රස්තවාදීන් සමඟ ඊශ්‍රායෙල් ක්‍රිඩකයන් හය දෙනෙක්ද ඒ වන විට මරු තුරුලට ගොස් තිබිණි. ත්‍රස්තවාදී අට දෙනාගෙන් හය දෙනෙකු මරා දැමිමට මියුනිච් පොලීසිය සමත්ව තිබූ අතර සෙසු ත්රස්තවාදීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
ලෝක සාමය අරමුණු කර ගනිමින් පවත්වන ඔලිම්පික් වැනි ක්‍රීඩා උත්සවය සිදුවූ මේ මහා ඛේදවාචකය මුළු ලොවම තිගැස්සවීමට සමත් විය. එතැන් සිට ඔලිම්පික් තරග පැවැත්වීමේදී නව නීති රීති ගෙන ඒමටද ඔලිම්පික් කමිටුවට සිදුවිය.
පසුව පලස්තීන ත්‍රස්ත කණ්ඩායම ‘ලුෆ්තාන්සියා’ ගුවන් යානය පැහැර ගනිමින් පලස්තීන සිරකරුවන් නිදහස් කරන ලෙස නියෝග කර සිටි අතර එසේ නිදහස් කළ සිරකරුවන් අතර මියුනිච් ප්‍රහාරයට පැමිණ දිවි බේරා ගත් ත්රස්තවාදීන් දෙදෙනාද විය.
කෙසේ වුවද එතෙක් මෙතක් ඔලිම්පික් උළෙලකදී සිදුවූ කනගාටුදායකම සිදුවීම මියුනිච් ඛේදවාචකය වූ අතර එයින් පසුව ලොව පුරා කොතෙක් භයානක ත්‍රස්ත කණ්ඩායම් බිහිවුවද ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර එවැනි ඛේදවාචක සිදු නොවීමට වග බලා ගැනීමට ලොව පුරා මෙතෙක් ඔලිම්පික් තරග සංවිධානය කළ සංවිධායකයන්ට හැකියාව ලැබිණි.
දැන් යළිත් කොවිඩ් වසංගතය ප්‍රේක්ෂකයන් නොමැති ඔලිම්පික් උළෙලක් ලොවට තිළිණ කර තිබේ. ක්‍රීඩාව කොතරම් උද්යෝගී වුවද එහි ආත්මය වන්නේ ප්‍රේක්ෂකයන් බවට තර්කයක් නැත.
එබැවින් සජීවී ලෙස ක්‍රීඩා තරග නැරඹීමට ප්‍රේක්ෂකයන් නොමැති ඔලිම්පික් උළෙලක් ‘විශ්වයේ මහා රංගනය’ ඔලාරික කරනු ඇතිද යන බිය ඇතිවීම වැළැක්විය නොහැකිය. ඒ කෙසේ වුවද වයිරසයට පරාජය නොවී හැකි උපරිමයෙන් ඔලිම්පික් පැවැත්වීමට දැඩි උත්සාහයෙන් කටයුතු කළ ජපානය නම් මේ වන විටම රන් පදක්කමක් දිනා සිටින බව සඳහන් කළ යුතුමය.
Friday, 19 March 2021
ජල දහර
ශ්‍රී පාද පද්ම සිරසෙන් බැස
පිරිසිදු දිය දහර
ගිරි දුර්ඝ පසුකර
ගල්කුලු මතින් බිදී
දනන් දිය පවස දුරුකර
සැමට ආශ්වාදය නංවමින්
කිසිදා නෙත නොදුටු
සාගරයට,
එනමුත්.......
නොලැබුනොත් ජල දහර
දකින්නේ අප සැවොම
නිරුදක කතරකි
රුදුරු බිම් කතර
දැසි දනන් රොක්වෙමින්
රැකිය යුත්තකි ජල දහර....
.....නිම්මි කෞශල්‍යා....
Monday, 15 February 2021
වදන් ඉක්ම වූ සන්නිවේදනය
සමාජීය සත්වයෙකු වශයෙන් ජීවත් වන මිනිසා සන්නිවේදනය කිරීමේදී විවිධ ක්රමෝපායන් භාවිතා කිරීම අපට දැකගත හැකිය. ඒ භාවිතා වන ආකාරයන්හි මූලික ස්වරූප අනුව සන්නිවේදනයේ ප්‍රධාන ආකාර දෙකකි.
01.වාචික සන්නිවේදනය
02.නිර්වාචික සන්නිවේදනය
වචන භාවිත කරමින් නැතිනම් කට වචනය ඇසුරු කර ගනිමින් කෙරෙන සන්නිවේදනය වාචික සන්නිවේදනය නම් වේ. වර්තමානයේ මිනිසා බොහෝවිට යෙදෙන්නේ වාචික සන්නිවේදනයේය. සරල දිවි පෙවෙතකට අවශ්‍යය සාමාන්‍ය ගැමි වහරේ සිට ලෝකයේ බොහෝ සංකීර්ණ ගැටළු විසදීම දක්වාම ගැමියාට මෙන්ම පාලකයාට සිය කාර්යය ව්‍යූහයන් සඳහා අවශ්‍යය දෙයකි,වචන යෙදීම.චික සනන භාවිත කරමින් නැතිනම් නිර්වාචික සන්නිවේදනය යනු වචනයෙන් තොරව කරනු ලබන සන්නිවේදනයයි. වර්තමාන මිනිසා ඉතා දියුණු විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයක වාසය කරයි. නමුත් ඔවුන්ගේ ආරම්භය සලකතොත් අද භාවිත වන බොහෝ සංකීර්ණ භාෂා හා ලේඛන රටාවන්ට ප්‍රථමයෙන් ඔවුන් ප්රාථමිකව භාවිත කළේ නිිර්වාචික සන්නිවේදනයයි. වර්තමානයේ නිවසේ සිට මුළු විශ්වයටම නෙත් හෙළීමට හැකි තරම් ඒ සියල්ල සංකේත හා සංඥාවලින් බහුල නිර්වාචික සන්නිවේදන ජාලයක් බව පෙනේ. වාචික සන්නිවේදනය සේම නිර්වාචික සන්නිවේදනයද පුළුල් වපසරියකින් සමන්විත වේ.
Saturday, 6 February 2021
සිහල බසේ ආරම්භය දැනගනිමු..
සිංහල යනු ශ්‍රී ලාංකික අපගේ ආදරණීය මවු බසයි. ලොව ඇති අනේක විධ වූ සිය ගණනක් භාෂා අතරින් සුන්දරතම භාෂාවයි. ලෝකයේ අක්ෂර මාලාවන් අතරින් දෙවැනියට අලංකාරම අක්ෂර මාලාව හිමි වන්නේ ද අපේ හෙළ බසටයි. ඒ සුන්දර වූ වටකුරු අකුරෙන් ලියවෙන අපේ සිංහල භාෂාවේ ආරම්භය ගැන දැන ගන්නට ඔබත් කැමතිද ?
Sunday, 17 January 2021
සීගිරි අප්සරාවියකට පෙම්බැදි රොඩී පෙම්වතෙක්..
මහා හද්දෙට වයා ගැට බෙර
උඹව එක්කන් යනවා දැක්කා
පාර අයිනේ දෙවැට අද්දර
අපේ මතකය කදුළු හැළුවා
වාසලේ රජ සුවද වැදුනාම
උඹේ ඇස් වල සිනා පිරුනා
මාත් එක්කලා බැද්දේ පෙම් කල
උඹට නම් රජ උස්නේ දැනුනා ....
කසී සළු පිලි රිදී අභරණ
උඹට හිමි බව නෙතින් දැක්කා
කාටවත් නොකියාම රහසෙන්
උඹ බලන්නට ගලට නැන්ගා
උඹේ රන්වන් ලපටි ලැම යුග
මැණික් වාගේ දුරට පෙනුනා
සත්තමයි මගේ දෑස් පල්ලා
දුකට කදුලක් ගලට වැටුනා ......
උඹේ රෑපෙට වසී වෙන උන්
යසට උඹෙ නිරුවතම වින්දා
රොඩි වුන පව මකා ගන්නට
මමත් අවුකන බුදුන් වැන්නදා
සසර ගානේ උඹත් එක්කම
උන්නු රෑ මගේ දෑසේ මැවුනා
කෝමලී මං උඹේ ගැන කවි
සීගිරියේ කැටපතේ ලිව්වා .....
ඇතාගේ පිට තියාගෙන උඹ
රජා එක්කන් යනවා දැක්කා
දරා ගන්නට බැරිව දෙයියෝ
ටිගොල් කටු මගේ ඇහේ ඇනුනා
ඇදන් කඩමළු ඉද්දි මග තොට
උඹේ රෑ සිරි දුරට පෙනුනා
වසාගෙන ඉදපන් උඹේ විලි
කියලා තනියම හිතින් කිව්වා .....
උඹව එක්කන් එන්න අටවපු
පැල් කොටේටත් රජා පැන්නා
මගේ ඇස් දෙක උගුලලා ඌ
උඹව තනියෙන් බුක්ති වින්දා
රෝස තොල් දෙක හිතම කළඹයි
දකින්නට බැරි වුනත් කිසිදා
ඉතින් රංකද සෙනෙහෙ නාමෙට
මමත් සීගිරි ගලෙන් පැන්නා .....
Saturday, 16 January 2021
රාවණ රජුගේ ගුවන්යානයේ නටඹුන්
ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය ඉතාමත් දියුණු සංස්කෘතියක් පැවති බව ඒ යුගයට අයත් ශිලාලේඛන, අභිලේඛන, චිත්‍ර හා පුස්කොළ ලිපි ශාස්ත්‍රීය පර්යෙෂණයකට භාජනය කරන විට පෙනී යන සත්‍යය කරුණකි. රාවණ යුගයේ හෙළදිව ගුවන් යානා පමණක් නොව මිසයිල් පරමාණු, ජලකර ආදිය පවා තිබුණු බවට අපමණ සාක්ෂි හා තොරතුරු අප රටේ මෙන්ම ඉන්දියාව, එංගලන්තය, ග්‍රීසිය ආදී රටවල පුස්තකාලවලද ඇත. පසුගිය කාළය තුළ අප රටේ ඇතිවු සුනාමිය වැනි උදම් රළ නිර්මාණය කළ හැකි බෝම්බ වර්ග පිළිබඳවද මහා භාරත කාව්‍ය වැනි සම්භාව්‍ය ග්රන්ථ වල සදහන් වී තිබෙන්නේ නිකමට නොවේ.
රාවණ යුගයේ ගුවන් යානා පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා කරන්නේ වාල්මිකීගේ රාමායණ කාව්‍ය යැයි පැවැසීම සාධාරණය.
'පුෂ්පක' නම්න් ගුවන් යානයක් රාවණ රජුට තිබුණු බව රාමායණය ප්රමුඛ තවත් පොත් පත් රැසක සදහන් වී ඇත.මෙම 'පුෂ්පක' ගුවන් යානයට අප බොහෝ දෙනෙකු කීවේ 'ඳඬු මොනරය' යනුවෙනි. පුෂ්පක ගුවන් යානයට ඳඩු මොනරය යන නාමය ලැබුණේ ඇයිදැයි ප්රශ්නයකි. රාවණ කතා නමැති ඉපැරැණි පුස්කොළ ග්‍රන්ථය අනූව පෙනී යන්නේ සිත් ඇදගන්නා කරුණකි.. එනම් හිමාලය කන්දේ උතුරු දෙසට ගව් හතක් ගිය විට 'මයුර දණ්ඩ' වෘක්ෂයන්ගෙන් පිරී ඇති වන පෙදෙසත් ඇති බවත්,එම මයුර දණ්ඩ ලී ගුවන් යානා නිපදවීම පිණිස භාවිත කරන බවත්ය.ඉතා ශක්තිමත් වූ මෙම ලී වර්ගය කැඩෙන්නෙ බිඳෙන්නේ නැත.එහෙත් එය ඉතා සැහැල්ලු ලී වර්ගයකි.මෙම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩය ගෙන ඇති නිසාත්, මොනරුන් බෙහෙවින් මෙම ගස ආශ්‍රිතව ජීවත් වන නිසාත්, එය මදුර දණ්ඩ යනුවෙන් හදුන්වන බවත් 'රාවණ කතා' පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වන බව අචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
රාවණ යුගයේ ශ්‍රී ලංකාවේ ගුවන් යානා වර්ග රැසක් අපරට තුළ තිබුණු බවට සාක්ෂි ඇත. 'විමන්' නමින් විශාල ගුවන් යානාද 'බිමන්' නමින් Glider වර්ගයේ කුඩා ගුවන් යානාද, පාපැදි, අහස් යානා, ගිරි මුදුන් වල සිට පහළට බසින යානා, කන්දන සිට තවත් කන්දකට ගමන් කළ හැකි ඕතධඡඩ යානා අප රට තුළ ඇත. එදා මෙදා ගුවන් යානා වල වෙනස නම් මෙගලිතික ගුවන් යානා සුළං බල ශක්තියෙන් ක්රීයා කිරීමත්, වත්මන් ගුවන් යානා ,සුපිරි යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්රීයා කිරීමත්ය.
සුළං බලශක්තියෙන් ක්‍රියා කරන 'විමන්' සහ 'බිමන්' පණ ගන්වන්නේ පා පැදියක් මෙනි. එහි බඹර කිහිපයක් වී කැරකැවීමත් සමඟම 'විමන්' ක්‍රමානුකූලව ඉහලට ගමන් කරයි. යා යුතු දිසාව ,ගමන් කල යුතු උස ප්‍රමාණය, නැවැත්වීම, බිමට බැසීම ආදී කටයුතු සියල්ල නියමුවා විසින් කල හැකි ලෙස ඝන රිදී ලෝහයෙන් නිමිකළ උපකරණවලින් යුත් ඉතා සැහැල්ලු යන්ත්‍රයක් එයට ඇත. වාරියපොළ නමැති ග්‍රාම නාම රැසක්ද අද දක්වා අප අතර තිබෙන්නේ සුළං බල ශක්තියෙන් ගමන් කළ ගුවන් යානා අහසට නැංවු ගුවන් පථ නිසා බව යැයි ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි.
අප රටේ ඇතැම් සෙල්ලිපිවල මේ ගුවන් යානා චිත්‍ර ඇති අතර, ගුවන් නියමුවන් විසින් කරන ලද ප්‍රදාන සඳහන් සෙල්ලිපි රැසක්ද තිබීමෙන් පෙනී යන්නේ අපට දියුණු ගුවන් සේවයක් එදා තිබුණු බවයි. ඒ කාලයේ ගුවන් නියමුවන් හැදින්වූයේ 'දූතක'යන නාමයෙනි. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ ස්ථානයක එම ගුවන් යානා තොටුපළක් තිබෙන බව ඉතිහාස ගවේෂක භද්‍රා මාරපන පවසා ඇති බව ආචාර්ය ඔබේසේකර සඳහන් කරයි.
කාලගිරි හෙවත් වත්මන් තොප්පිගල ප්‍රෙද්ශයේද'බිමන්' නමැති කුඩා ගුවන් යානා සඳහා ගුවන් පථයක් තිබී ඇත."පරමුක ශූර පුත පරමුක බිමණ දතකහ දතකහ ගගස" යනුවෙන් අපේ පැරණි සෙල්ලිපියක් ඇත.එම සෙල්ලිපියේ ගුවන් යානා සමාගමේ ලාංඡනය සහ ගුවන් නැවක චිත්‍රය කළු ගලේ කොටා ඇත.
මිසරය,බැබිලෝනියාව ආදී රටවල පිරමීඩවල ගුවන් යානා සටහන් චිත්‍ර ගත කර ඇත. ඒ කාලයේ හෙලදිවෙන් මිසරයට, බැබිලෝනියාවට ගිය යක්ෂ ගෝත්‍රික ඉංජිනේරුවන් විසින් මෙම පිරමීඩ ගොඩනඟනු ලැබ ඇති බවත ඔවුන් පැමිණ 'බිමන්' නමැති ගුවන් යානාවල චිත්‍ර ඒවා විය හැකි බවත් විද්වතුන්ගේ අදහසකි.
රත්නපුර බොල්තුඹේ දේවාලයේ රාවණා රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව 'අපේ හෙළ සිංහල ඉතිහාසය,පිටු අංක 8' කියයි. තමා පෞද්ගලිකව ඒ පිළිබඳව සොයා බැලු නමුදු ඒ සුන්බුන් සොයා ගැනීමට අපොහොසත් වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කීය. ලග්ගල කන්දේ ගිරි ශීඛරයක් මත ගුවන් යානයක් යැයි සිතිය හැකි ලාංඡනයක් ඇත. නිදන් හොරුන්ගෙන් එම ස්ථානයට විනාශයක් ඇති විය හැකි බැවින් එහි විස්තර හෙළි නොකරන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියේ මහදූවද මෙගලිතික යුගයේ වාරියපොළක් විය හැකි බව මහාචාර්ය ශ්‍රී වාත්සව ප්‍රකාශ කළේ 1982 මැයි 31 වැනිදා කරන ලද සංචාරයේදීය්ර. කරදෙගල කන්දේ කුම්භකර්ණගේ උපදෙස් පරිදි ගලේ කොටන ලද ගුවන් යානයක් දැකිය හැකිය.
රාම රාවණ යුද සමයේ රාම කුමරුගේ උදව් උපකාර පිණිස බෙහෙත් ඖෂධ රැගත් 'විමන්' යානයක් රූමස්සල කඳු මුදුනේ ගිරිකුළක ගැටී උනා වැටුනු ප්‍රදේශය වත්මන් උනවටුන ග්‍රාමය බව පැවසේ.
මෙම 'විමන්' යානය නාග ගොත්‍රිකයන්ට අයත් වූවක් යැයිද විභිෂණගේ බලපෑම නිසා නාග ගොත්‍රිකයන්ද රාම කුමරුට උදව් කළ බවත්,එම 'විමන්' යානය අනතුරෙන් පසු නවතා තිබුණු ප්‍රදේශය 'නා විමන'වී ඇතැයි එම ලිපිය කියයි.රාම-රාවණ යුද්ධයෙන් හෙළ දිව ගුවන් යානා තාක්ෂණය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
බිම් කොට ගිං තොට දක්වා බලැ'ති
භීම රජ 'විමන' නවතා තිබූ නොදැනි
මහ දූවේ තැන්න 'වාරියපොළ' නමැති
ජනපදයක් කළා දෙවි පතිරජ ඇමැති
දැනට අවුරුදු 40කට පමණ පෙර දක්ෂිණ ලංකාවේ අග්‍රගණයේ පඬිවරයෙකු වූ ජෝන් සිරිමන් ද සොයිසා මහදූව ගැන කියවී ඇති මෙම ජනකවිය තමාට විස්තර කළ බව පවසන ආචාර්ය ඔබේසේකර එය කොතරම් සත්‍යදැයි සදහන් කරයි.
මෙගලිතික යුගයේ යක්ෂ ගොත්‍රික පාලකයකු වූ භීම රජතුමාගේ ගුවන් විමනකට මාදූවේ ගුවන් තොටක් වූ බවත්, භීම රජ මැඳුර පිහිටා තිබුණේ බලපිටියේ මහල දූවේ බවත්, සිරිමන් ද සොයිසා තමාට පැවැසු බවත්, ආචාර්ය ඔබේසෙකර කියයි. මේ අනුව විමසා බලන විට කුඩා ගුවන් යානා මෙන්ම විශාල ගුවන් යානාද සිව් හෙළ පාලන යුගයේ හෙළදිව තිබුණු බවත්,ගුවන් යානා ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේ යුරෝපයේ රයිට් සහෝදරයන්ට නොව ශ්‍රී ලංකාවේ ආදිවාසී හෙළයන්ට බවත් ආචාර්ය ඔබේසේකරයන්ගේ මතයයි.
සූර්ය බලශක්තියෙන් ක්‍රියා කළ 'තීරු' නමැති ගුවන් යානා නැගෙනහිර පළාතේ පානම තිබුණු බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයේ සදහන් වේ.ඉන්ද්‍රජිත් රාවණ රජුගේ යුද දක්ෂ පුත්‍රයාය. මොහු සහස්‍රගත නම් යුධෝපකරණය සහිත යානයෙන් අහසේ සිට යුද්ධ කළ අයුරු ඉන්දීය ඉතිහාසයෙහි සඳහන්ය. මොහු විසින් කරන ලද ගුවන් රථවල ඡායාරූප ඉන්දීය සඟරාවක පවා පළවී තිබිණ. මේ අන්දමට රාවණ යානයේ බොහෝ තතු මූලාශ්රයන් ඉතාමත් අපූර්ව අන්දමින් ඉදිරිපත් කරයි.
ජනමාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය
ස්තී‍්‍ර-පුරුෂ සමාජ භාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර...
-
ස්තී‍්‍ර-පුරුෂ සමාජ භාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර...
-
විශ්වයේ මහා රංගනය හෙවත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 23වැනිදා ජපානයේදී ආරම්භ වුනි. ...
-
සිංහල යනු ශ්‍රී ලාංකික අපගේ ආදරණීය මවු බසයි. ලොව ඇති අනේක විධ වූ සිය ගණනක් භාෂා අතරින් සුන්දරතම භාෂාවයි. ලෝකයේ අක්ෂර මාලාවන් ...









