මනන් ඇල්ල
Manan Ella, Sri Lanka |🇱🇰
රත්නපුර දිස්ත්රික්කයේ පිහිටා ඇති අලංකාර දිය ඇල්ලක් ලෙස මනන් ඇල්ල හැදින්විය හැකිය.ඇහැලියගොඩ නගරයේ සිට රත්නපුර දෙසට කි මී 6 ක් පමණ ගමන් කිරීමෙන් පසු බදුවත්ත නම් හන්දියෙන් හැරී කුරුගම්මෝදර දෙසට තවත් කි මී 5 ක් ගිය තැන මනන් ඇල්ල හමුවේ.ඇල්ල වෙත යාමට මදක් පා ගමනින් යා යුතුය.
මනන් ඇල්ල මී 30 ක් පමණ උසකින් යුතුය .දියඇල්ලේ වතුර අඩු කාලයට ඇල්ල සමීපයට ම යා හැකි වීම මෙහි විශේෂත්වයකි .එමෙන්ම ඒ කාලයට ඇල්ල පාමුල නොගැඹුරු වලෙන් නා ගැනීමට වුවද පුලුවන .නිස්කලංක ව බොහෝ වේලාවක් ගත කිරීමට මනන් ඇල්ල කදිම ස්ථානයකි .
අද වන විට මනන් ඇල්ල අයිති ප්රදේශය පාලනය වන්නේ පුද්ගලික වතුයායක් මගිනි.එම නිසා ඔබ මනන් ඇල්ල සංචාරය කරන්නේනම් එම බලධාරීන් දැනුවත් කර යෑම කල යුතුය.මින් පෙරදී මෙම තත්ත්වය නොතිබුනත් සංචාරකයන් ගේ නොමනා ක්රියාකාරකම් නිසා අද වන විට මෙහි පාලනය වතුයාය මගින් මෙහෙයවන ලබයි.
සංචාරක ඔබ පිළිපැදිය යුතු අනිවාර්ය නීතියකි.එනම් පරිසරය අපවිත්ර නොකිරීම යි.ඔබ සංචාරය කරන ඕනෑම ස්ථානයක් විනාශ නොකිරීමට ඔබ විසින්ම වග බලා ගත යුතුය.මන්ද යත් මේ අපූරු ස්ථාන මතුවටත් සුරැකීම අප සැමගේ වගකීමයි.එන්න ඔබත් නැවුම් අද්දැකීමක් විදගන්න...

❤️❤️
ReplyDeleteThQ
ReplyDeleteFantastic dr
ReplyDeleteThnks
ReplyDeleteWooow
ReplyDeleteThQ
ReplyDelete😍😍😍😍
ReplyDeleteLassanai
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete❤❤❤❤❤
ReplyDeleteYamu...☝
ReplyDeleteAyt ymu 😍
ReplyDeleteGreat
ReplyDeleteLassanyyy
ReplyDeleteLassanyyy
ReplyDeleteGd job❤️
ReplyDeleteනියමයි👍
ReplyDelete😀😀👍
ReplyDelete💪❤️
ReplyDelete👍😍👈
ReplyDeleteGodak lassanaii
ReplyDeleteEnter your comment...lassani..❤❤❤
ReplyDeleteNiyamai..👌
ReplyDelete❤️👍
ReplyDeleteසුබ පැතුම්
ReplyDelete